Wednesday, June 23, 2010

“ඔෆිස් ගිහිං එනතුරු පරිස්සමින් ඉන්න”

ඔෆිස් බෑග් එක අතට අරන්
බස් එක එනවාදැයි බල බලා
ඔරලෝසුවට ඇස් දෙක අලවා ගෙන
හරි කරදරයක් කියා හිත හිතා දෙන
Official හාද්දක් නම් එපා

ගිහිං එනතුරු පරිස්සමින් ඉන්න
කටින් කියනවා වගේම හිතෙනුත් කියලා
හෙමිහිට නළල ඉඹින්නකො
ඇස් පියා ගෙන ඉන්නං මං

අවුරුදු විසි පහක් පරණ එක ඇත්තයි
ඒත්
අලුත් මනමාලි නෙ මං
දරුවෙක් මල්ලෙක් නැති එක හැබෑව
උදේ සිට හවස් වෙනකලුත්
දොරවල් වහගෙන මහල් නිවාසෙ කූඩුවෙ
පොත් කියවන,
ඈනුම් අරින,
හීල් බත වලඳන,
අලුත් මනමාලි නෙ මං

බස් එක ගියදෙන් අදට
තව එකක් ඒවිනෙ
රතු ඉර වැදුනට මොකෝ එක දවසක්!
හා! දැං ඉතිං මාව ඉඹින්නකො!

4 comments:

  1. මේ ඔයාගෙ ජීවිත කතාවද??

    ReplyDelete
  2. නියමයි හුගක් ලස්සනයි

    ReplyDelete
  3. Casinos with live dealer games - CBS Yon
    A live dealer casino game 바카라잔 is sometimes 골든 리치 called a live dealer, and it has 돌겠네 진짜 been a longstanding practice in 넷마블포커 the 룰렛 gaming world. In this guide, we'll go through how to

    ReplyDelete

Related Posts with Thumbnails Related Posts with Thumbnails