මඳ වැසි වැටෙමින් තිබිණ. එය මහ වැස්සක් වීමට පෙර නිවසට යා යුතු බැවින් පය ඉක්මන් කළෙමි.
ගැබිණි මවක් අවුරුදු හතරක පමණ දරුවා සමඟ මා ඉදිරියට පැමිණෙමින් සිටියා ය. දරුවා ‘ළමා කුඩයක්’ ඉහලාගෙන සිටි අතර මව පොද වැස්සේ තෙමෙමින් ගමන් ගත්තා ය.
දරුවා වරින් වර තම කුඩය මවට දීමට උත්සාහ කළ ද මව එය වළක්වමින් සිටියා ය.
‘අම්මට තෙමිලා හෙම්බිරිස්සාව හැදෙයිනේ’
‘නෑ පුතේ, තව පොඩි දුරයිනේ. ඔයා කුඩේ ඉහලගෙන ඉන්න’
‘ඒ වුණාට අම්මේ, අම්මා ලෙඩ වුණොත් බඩේ ඉන්න නංගියත් ලෙඩ වෙයිනේ.’
ළදරු වදන්වල තිබූ පැසුණු බව මා සිත විමතියක් ඇති කළේ ය. මම මව දෙසත්, දරුවා දෙසත් බලමින් ඉදිරියට ගමන් ගතිමි. මව මට මද සිනාවක් පෑවා ය. දරුවා කෙරෙහි ඇතිවූ සෙනෙහසින් මම ද එම මව සමඟ සිනාසුණෙමි.
මේ සිදුවීමෙන් සතියකට පමණ පසු නැවත වරක් මම එවැනි අත්දැකීමක් ලදිමි.
එදින මම බස් රියක ගමන් ගනිමින් සිටියෙමි. ළදරු පාසල් නිමාවී නිවෙස බලා යන මවක් සිය කුඩා දරුවා සමඟ ඉදිරි අසුනේ හිඳ සිටියා ය. මව බෑගයක් විවෘත කර දරුවාට ‘කෙටි කෑමක්’ දුන්නා ය. දරුවා ඉන් කැබැල්ලක් කඩා මව වෙත පෑවේ ය.
‘අම්මත් කන්න’ දරුවා සුරතල් ලෙස පැවසුවේ ය.
‘අම්මා ගෙදර ගිහින් බයි ගොඩක් කනවනේ. බබා කන්න’ මව දරුවාගේ හිස අතගාමින් කීවා ය.
‘පව් අම්මේ, නංගි බබාට. එයාට බඩගිනි ඇති. අම්මා කෑවොත් එයා ගේ බඩත් පිරෙයිනේ’ දරුවා මවගේ මුහුණත්, කුසත් දෙස බැලුවේ ය.
මව ගැබිණියක බව එකවර නොපෙනුණත් එය සත්‍යයක් බව හැඟිණි.
මව දරුවා සතුටු කරන්නට අවශ්‍ය වූ බැවින් ඔහු දුන් කෑම කොටස සෙමෙන් භªක්ති වින්දා ය.
මේ දින දෙකේ දී ම මා දුටු ළදරුවෝ සමාන ගති ලක්ෂණ පෙන්වූහ. ඔවුහු මවුවරුන්ට ළැදිය හ.
එසේ ම, මවු කුස සිටින ඔවුන් උපකල්පනය කරන ‘නොදුටු සොයුරියන්ට’ ද ළැදියහ. මොවුහු දෙදෙනා ම නංගිලා අපේක්ෂා කරති. පැසුණු වදනින් බෙණෙති.
ළමා වියේ දී සිය මවට, සොයුරියන්ට නියම ආදරය, සෙනෙහස දක්වන පුත්තු වැඩිහිටියන් වූ දිනෙක ස්තී‍්‍ර පක්ෂයට ගෞරව දක්වති.
මේ කුඩා පුතුන් දෙදෙනා ගැන මට මහත් සෙනෙහසක් ඇති වේ. ඔවුන් ද තරුණයන්, වැඩිහිටියන් වූ දිනෙකත් මෙවැනි ගුණදහමින් වැඩුණු යහපත් පුද්ගලයන් වෙති’යි මම සිතමි; පතමි
100% හරි. ඒත් ඉතින් මේ සමාජයත් එක්ක හරි හරියට තරඟ කරද්දි ඔය ආදරේ පෙන්නන්න විදියක් නැතිවෙනවා, නේද ? ඒකනේ හුඟක් දෙමව්පියෝ තමන්ගෙ ලමයි , ලමා කාලෙම හැමදාම තියාගන්න කැමති.
ReplyDeleteWe have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.
ReplyDeleteThanks
Admin
http://blogsinhala.com/
මේ වගේ දේවල් අහද්දි දකිද්දි පුංචි කඳුලක් එනව ඒ දරුවන් ගැන ඇති වෙන සතුටට. ඒත් ඒ කඳුල මහ කඳුලු ගඟක් වෙනවා මේ දරුවන්ගෙ අනාගතේ ගැන හිතන කොට. මේ දරුවන්ගෙ හොඳ ගතිගුණ, සංවේදි බව වයසත් එක්ක නැති වෙනව බොහෝ විට ඒකටනං දඬුවම් කර ගන්න ඔන අපිටමයි. මොකද මේ දෙවල් වෙනස් කරන්නෙ වැඩිහිටියො වෙන අපි.
ReplyDelete