ඇඟ මසට ලොබ බඳින
රුපු සතුන් ඇති වනේ
නුඹ සදිසි පින් සිතක්
නොමැත තව හමු වුණේ
රුවට නොව කවි කමට
උරුම වූ නුඹේ සෙනේ
මහ මෙරක් තරමටම
අගෙයි මට කුමරුනේ
රුපු සතුන් ඇති වනේ
නුඹ සදිසි පින් සිතක්
නොමැත තව හමු වුණේ
රුවට නොව කවි කමට
උරුම වූ නුඹේ සෙනේ
මහ මෙරක් තරමටම
අගෙයි මට කුමරුනේ
ඇසෙන සවනට වදන්
අමා බිඳු ගලා යයි
දකිත රුව දෙනයනට
රසඳුනක් සමානයි
වඩිත නුඹ මා සිතට
දුක් සුසුම් පලා යයි
කරුණ කිම නොසිතෙන්ට
මුළු ලොවම මගේ යයි...!
අමා බිඳු ගලා යයි
දකිත රුව දෙනයනට
රසඳුනක් සමානයි
වඩිත නුඹ මා සිතට
දුක් සුසුම් පලා යයි
කරුණ කිම නොසිතෙන්ට
මුළු ලොවම මගේ යයි...!
නුඹ සදිසි පින් සිතක්
ReplyDeleteනොමැත තව හමු වුණේ
රුවට නොව කවි කමට
උරුම වූ නුඹේ සෙනේ
මහ මෙරක් තරමටම
අගෙයි මට කුමරුනේ
අනේ එක නම් හරිම ලස්සනයි. මටත් කියන්න ඕනේ ඒකමයි.
මැණික්(සුළඟ)
හරිම ලස්සනයි !!!!!!!!!!!
ReplyDeleteහරිම ලස්සනයි, ඇත්තටම උදෙට උදෙට මෙවාගෙ දෙවල් කියවන්න තියනවා නම් දවසම පිරිලා. හරිම ලස්සනයි... වැඩි බරක් නැහැ හිතට සැහැල්ලුව දැනෙනවා. මොකද මෙ ඇඩ් වලින් වට කරගෙන සයිට් එක.
ReplyDelete