ඔෆිස් බෑග් එක අතට අරන්
බස් එක එනවාදැයි බල බලා
ඔරලෝසුවට ඇස් දෙක අලවා ගෙන
‘හරි කරදරයක්’ කියා හිත හිතා දෙන
Official හාද්දක් නම් එපා
“ගිහිං එනතුරු පරිස්සමින් ඉන්න”
කටින් කියනවා වගේම හිතෙනුත් කියලා
හෙමිහිට නළල ඉඹින්නකො
ඇස් පියා ගෙන ඉන්නං මං
අවුරුදු විසි පහක් පරණ එක ඇත්තයි
ඒත් ‘අලුත් මනමාලි’ නෙ මං
දරුවෙක් මල්ලෙක් නැති එක හැබෑව
උදේ සිට හවස් වෙනකලුත්
දොරවල් වහගෙන මහල් නිවාසෙ කූඩුවෙ
පොත් කියවන,
ඈනුම් අරින,
හීල් බත වලඳන,
“අලුත් මනමාලි නෙ මං
බස් එක ගියදෙන් අදට
තව එකක් ඒවිනෙ
රතු ඉර වැදුනට මොකෝ එක දවසක්!
හා! දැං ඉතිං මාව ඉඹින්නකො!
niyamayi
ReplyDeleteමේ ඔයාගෙ ජීවිත කතාවද??
ReplyDeleteනියමයි හුගක් ලස්සනයි
ReplyDeleteCasinos with live dealer games - CBS Yon
ReplyDeleteA live dealer casino game 바카라잔 is sometimes 골든 리치 called a live dealer, and it has 돌겠네 진짜 been a longstanding practice in 넷마블포커 the 룰렛 gaming world. In this guide, we'll go through how to