Monday, June 14, 2010

මේ දිනවල ටියුෂන් තහනමක්‌ පිළිබඳව නිතර අසන්නට ලැබෙයි.


මේ දිනවල ටියුෂන් තහනමක්‌ පිළිබඳව නිතර අසන්නට ලැබෙයි. ඉරිදා සහ පෝය දිනට ටියුෂන් තහනම් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වෙයි.

ඉරිදා ටියුෂන් තහනම් කිරීමට ප්‍රබල හේතුව දරුවන් දහම් පාසල් අධ්‍යාපනයෙන් ඈත්වීම බව සැබෑවකි. අධ්‍යාපනයෙන් පෝෂණය වුව ද, ගුණ දහම් නැති තැන දරුවා බොල් වී කරලකට සමානය. එසේ නම් අධ්‍යාපනය සමග ගුණ දහමින් පිරුණු දරුවකු අපට අවශ්‍යමය. හොඳ වී කරල බිමට බර වෙනවා සේ, ගුණ දහමින් පිරිපුන් උගතා නිහතමානී වන්නේමය.

දරුවාට දහම් අධ්‍යාපනය අවශ්‍ය බවට තර්කයත් නැත. එය අවශ්‍යමය. එහෙත් ප්‍රශ්නය එය නොවනු ඇත.

අද වනවිට ඉරිදා උදෑසන අමතර පංති පැවැත්වෙනවා දක්‌නට ලැබෙයි. කණ්‌ඩායම් ලෙසින් පැවැත්වෙන පංතිවලට අය කරන මුදල අඩුවීමේදී එයට වැඩිපුර සහභාගි වන්නේ මධ්‍යම පංතියේ දරුවන්ය. ටියුෂන් තහනමත් සමග එයට මුහුණ දෙන්නට වන්නේත් ඔවුන්ටය.

ඇති හැකි දරුවන්ට නිවසට ගුරුවරුන් ගෙන්වා පැයක අය කිරීමට දැනුම ලබාගත හැක. එම දිනය ඉරිදා වේද, නැතිනම් පෝය දවසකදැයි ප්‍රශ්නයක්‌ මතු නොවන්නේ මිල මුදල් නිසාමය.

එසේ නම් විසඳිය යුතු විශාල ගැටලුවක්‌ ඇත.

දරුවා වෙනුවෙන් බැලිය යුතු පැති රාශියක්‌ ඇත. දරුවාගේ යහපත වෙනුවෙන්ම ගත යුතු තීරණයක අබියස වගකිව යුත්තන් සිටින බව අමතක නොකළ යුතුය.

අධ්‍යාපන ඇමති බන්ධුල ගුණවර්ධන මැතිතුමා පෙන්වා දෙන්නේ ගැටලුකාරී අධ්‍යාපන රටාවෙන් දරුවා මුදවා ගත යුතු බවය. සැබැවින්ම එතුමාට ස්‌තූතිවන්ත විය යුත්තේ රටක කොඳු නාරටිය බඳු ළමා පරපුර වෙනුවෙන් වැඩදායී ක්‍රියා පටිපාටියක්‌ අනුගමනය කිරීමට තීරණයක්‌ ගත් නිසාය. එතුමා දරුවන්ගේ අධ්‍යාපන සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන බවට ප්‍රකාශ කළේ අධ්‍යාපනයේ වටිනාකම දන්නා නිසාවෙන්මය. ළමා මනසට වැඩි පීඩාකාරී බව ඔරොත්තු නොදෙන නිසාවෙන් විය හැකිය. අධ්‍යාපන ක්‍රමය ක්‍රමවත් වීමේදී සෑම පාසලකම අවශ්‍ය විෂයට පුහුණු ගුරුවරුන් සිටීමේදී දරුවන්ට ටියුෂන් පිළිබඳව ඕනෑවටත් වඩා සිතීමට සිදු නොවනු ඇත. විභාග තරඟයේ තරඟකාරිත්වයට නව වෙනසක්‌ එක්‌වීමේදී දරුවා කවදාකවත් නොවන තරමේ ටියුෂන් යාමේ ක්‍රමයට විරාමයක්‌ තබනු නොඅනුමානය.

No comments:

Post a Comment

Related Posts with Thumbnails Related Posts with Thumbnails