රිටිගල යනු ජාතිය සතු අග්‍රගණ්‍ය ජාතික සම්පතකි. ඒ ජාතියක ප්‍රෞඪත්වය විදහා දැක්‌වෙන ශෛලමය නටබුන් නිසා පමණක් නොවේ. රිටිගල කඳු පද්ධතියට ආවේණික වූ සුවිශේෂී පාරිසරික ස්‌වභාවය නිසාය. රිටිගල කඳුවැටිය අවටත්, කඳුවැටිය පටන් ගැනීමේදීත් දැකිය හැකි වන්නේ වියළි ස්‌වභාවයකි. එහෙත් කඳුවැටියේ ඉහළට නැගෙත්ම එම වියළි ස්‌වභාවය ක්‍රම ක්‍රමයෙන් වෙනස්‌ව ගොස්. කඳුවැටියේ ඉහළ කලාපය තනිකරම තෙත් කලාපීය වනාන්තරයක් ලෙසට පරිවර්තනය වීම රිටිගල කඳු පද්ධතියේ දැකිය හැකි අති දුර්ලභම ස්‌වභාවයයි. ඉතාමත්ම කෙටි කාල සීමාවකදී අත්විඳිය හැකි මෙම අපූර්ව අත්දැකීම ලෝකයේ වෙනත් කිසිදු ස්‌ථානයකදී දැකිය නොහැකිය. රිටිගල නැරඹීමට පැමිණෙන බොහෝ විදේශිකයන් මෙම ආශ්චර්යයෙන් පුදුමයට පත් වන්නේ එනිසාය. රිටිගල සතු එම සුවිශේෂී පරිසර තත්ත්වය සමග සංකලනය වූ ශෛලමය නටබුන්, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලොව හමුවේ විදහා දැක්‌වෙන අපූරු සංකේතයක් වෙයි.
රිටිගල පිළිබඳව එසේ ලිවිය හැකිව තිබුණේ මෙයට දශක හතරකට පහකට කලිනි. එහෙත් අද අපට රිටිගල පිළිබඳව ලිවීමට සිදුව ඇත්තේ හාත්පසින්ම වෙනස් කතාන්තරයකි. එය පරිසරයට, මවුබිමට සැබෑ ලෙසම ආදරය කරන්නන්ට මහත් වූ සිත්වේදනාවක් ගෙන දෙන්නක් වනු ඇත. එහෙත් අප ඉදිරිපිට ඇති සත්‍යය එයයි. රිටිගල කඳුවැටිය සතුවූ අති දුර්ලභ සුවිශේෂි වූ පාරිසරික ස්‌වභාවය මේ වනවිට මුළුමනින්ම වෙනස්‌ව ගොස්‌ය. රිටිගල කඳුවැටිය තුළ අද දිය ඇලි නැත. සියලු ජල උල්පත් සිඳී ගොස්‌ය. එදා එහි තිබූ සිසිල් බව වෙනුවට අද ඇත්තේ දැඩි වියළි ස්‌වභාවයකි. දුර්ලභ ගනයේ ගස්‌වැල් විනාශ වෙමින් පවතියි. වසර දහස් ගණනක් අඛණ්‌ඩව පැවත ආ රිටිගල පාරිසරික පද්ධතිය මෙසේ පරිහානියට පත්වීම ආරම්භ වූයේ වසර දශක හතරකට පහකට පමණ පෙර සිටය. ඉතා සුළු වශයෙන් ආරම්භ වී ක්‍රම ක්‍රමයෙන් වර්ධනයවූ එම පාරිසරික පිරිහීම මේ වන විට මහත් වේගයකින් ඉදිරියට ඇදෙනු පෙනෙයි.
මෙම පිරිහීමේ වේගයට සාපේක්‍ෂව තවත් වසර ගණනාවකදී අපට රිටිගල දැකිය හැකිවනු ඇත්තේ හරිත වර්ණයෙන් වැසී ගිය කඳු පද්ධතියක් ලෙස නොවේ. සියලු ශාකයන් විනාශවී ගිය මුඩු බිමක් වශයෙනි. මානා පඳුරුවලින් ගැවසී ගත් කඳු යායක් ලෙසය. එම විනාශයට හේතුව ස්‌වභාව ධර්මයේ අහිතකර බලපෑම නිසා සිදුවන්නක් ලෙස සැලකීම නිවැරදි නොවේ. සියලු විනාශයන්ට හේතුව මිනිසා විසින් සොබා දහමට නොගැලපෙන ලෙස සොබා දහමට අහිතකර ලෙස සිදුකරන ලද වෙනස්‌කම්වල ප්‍රතිඵලයක් ලෙස සැලකීම වඩාත් නිවැරදිය. "ලාභය" නමැති සංකල්පය හමුවේ අන්ධ වූ මිනිසාට තමා පරිසරයට සොබා දහමට සිදුකරන හානිය පිළිබඳව වැටහීමක් නැත. ජරා වළක ජීවත් වන්නෙක්‌ට එහි ගඳ නොදැනෙන්නාක් මෙනි. රිටිගල සිදුවෙමින් පවතින විනාශය අප තේරුම් ගත යුත්තේ වත්මන් යුගය තුළ ශ්‍රී ලංකාව තුළ ජීවත්වන මිනිසා විසින් පරිසරයට සිදුකරන හානියේ ඵලයක් වශයෙනි.රිටිගල නම් වූ ජාතික සම්පත වැනසී යමින් පවතියි. එය තවදුරටත් කෙනෙක් පුදුමයට පත්කරවන අන්දමේ පරිසරයක් ඇති සුවිශේෂී කඳු පද්ධතියක් නොවේ. එම විනාශයට හේතුවූ කරුණු පැහැදිලිය. අද රිටිගල අවට කිසිදු ප්‍රදේශයක ඝන වනානාත්රයක් දැකිය නොහැකිය. අද වනාන්තර ලෙස පවතින්නේ වියන් ස්‌ථරය (බුරුත, කළුවර වැනි උසට වැවෙන ගස්) ඉවත්කරන ලද ලඳු කැළෑවන්ය. එසේත් නැතිනම් නැවත වන වගාව මගින් විකෘති කරන ලද භූමි භාගයන්ය. නැවත වන වගාව තුළ දැකිය හැක්‌කේ රිටිගල වැනි ජාතික සම්පතක් රැක ගැනීමට අවශ්‍ය පාරිසරික වටිනාකමක් ඇති ශාක නොවේ. 1941 නොවැම්බර් 07 දින "දැඩි ස්‌වභාව රක්‍ෂිතයක්" ලෙස ස්‌ථාපිත වූ රිටිගල කඳු පද්ධතියේ වූ මුළු වපසරිය වර්ග හෙක්‌ටයාර් 1528 ක් බව දැක්‌වෙයි. එහෙත් මේ වන විට එම භූමි ප්‍රමාණය පවා ඉතිරිව ඇත්දැයි සැක සහිතය. රිටිගල රක්‍ෂිතයට අයත්විය යුතු බොහෝ භූමි භාගයන් පෞද්ගලික දේපළ බවට පත්ව තිබේ. රක්‍ෂිතයට අයත් ප්‍රදේශය තුළ මේ වන විට මහා පරිමාණයේ වී මෝල් ඉදිව ඇති අන්දමද දැකගත හැකිය.
මෙම සියලු විනාශයන්ට හේතුවූ මූලික කරුණ කුමක්‌ද? එයට හේතුව කාලාන්තරයක් තිස්‌සේ මිනිසා තුළ තිබූ "පොදු යන මිනිස් චින්තනය වෙනුවට "පෞද්ගලික" යන ආත්මාර්ථකාමී චින්තනය තහවුරු වීමය. මිනිසාගේ චින්තනය එසේ වෙනස් වූයේ "ලාභය" නමැති සංකල්පය මූලික කරගත් වාණිජ්‍යමය සමාජ ක්‍රමයක් රට තුළ ස්‌ථාපිත වීමත් සමගය. පොදු සමාජමය ජීවිතයක් ගතකළ මිනිසා ඉඩම් පරිහරණය කළේ පොදු දේපළක් වශයෙනි. එහෙත් සමාජය තුළ වාණිජ්‍යමය ආර්ථික ක්‍රමය තහවුරු වීමත් සමගම ඉඩම් වෙළෙඳ භාණ්‌ඩයක් බවට පරිවර්තනය විය. ඉන්පසු මිනිසා තුළ ඉඩම් පිළිබඳව වූයේ වෙනත් ආකල්පයකි. එදා ගොවිතැනෙහි යෙදුන මිනිසා තම හේන සකස් කළේ පරිසර හිතකාමී ආකාරයටය. විශාල වෘක්‍ෂයන්හි අතු කඳු බෑවා මිස ගස කපා නොදැමුණි. සාමාන්‍ය ගස්‌වලද කපා දැමුණේ ගසේ ඉහළ කොටස පමණකි. ගැමියන් එය හැඳින්වූයේ "කණු මදු" ගහනවා යනුවෙනි. ඒ අනුව වසර කීපයකින්ම එම හේන යළිත් දැඩි මූකලානක් බවට පත්විය. නව වාණිජ්‍යමය ආර්ථික ක්‍රමයේ ස්‌වරූපයට අනුව ගොවිතැන "ආර්ථික බෝග වගාව"ක් බවට පරිවර්තනය විය. ඒ අනුව හේන් ගොවිතැන් කළ ගොවියා තම හේන සකස් කළේ යටි අරමුණක් සහිතවය. එවැනි හේන් යළි කිසි දිනෙක මූකලාන් බවට පත්වූයේ නැත.
මුල් කාලීනව දේශපාලනය කළවුන්ගේ අභිප්‍රාය වූයේ බලය මගින් තම සමාජ තත්ත්වය ආරක්‍ෂා කර ගැනීමය. වාණිජ්‍යමය ආර්ථික ක්‍රමය රට තුළ තහවුරු වීමත් සමග දේශපාලකයන්ගේ අරමුණද වෙනස් විය. 50, 60 සහ 70 දශකයන් තුළ සමහරක් දේශපාලනඥයන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය බවට "දැව ජාවාරම" පත්වූයේ එබැවිනි. පොදු සමාජමය දේපළ ක්‍රමයක් සහිත සමාජ ක්‍රමයක් තුළ වනය සලකනු ලබන්නේ "වන සම්පතක්" වශයෙනි. එහෙත් වාණිජ්‍යමය සමාජ ක්‍රමය තුළ වනය වන සම්පතක් නොවීය. එම සමාජ ක්‍රමයට අනුව ස්‌වාභාවික ඝන වනාන්තර සලකනු ලැබුවේ ආර්ථික වටිනාකමක් නැති මුඩු කැලෑවන් ලෙසටය. ඕනෑම ඉඩෝරයකට මුහුණ දිය හැකි ලෙස පරිණාමය වූ ඝන පත්‍ර සහිත, සදාහරිත "වීර" ගස ඇතුළු රජරට දේශගුණයට ගැලපෙන ගස් වර්ග කැලෑවලින් ඉවත්කොට ඒ වෙනුවට තේක්‌ක වැනි දැවමය වටිනාකම් ඇති ගස් වර්ග කැලෑවන් තුළට ආදේශ වූයේ එබැවිනි. සමාජයේ ආර්ථික ස්‌වරූපයට අනුරූපීව, අද මිනිසා පෙළඹී ඇත්තේ ඉක්‌මනින් ගෙඩි හැදෙන, ඉක්‌මනින් කපා විකුණා ගත හැකි ගසක් සිටුවීමටය.
ලාභය යන සංකල්පය මත විකෘති වූ මිනිස් මනස තුළ "වටිනාකම්" පිළිබඳව මිසක "අගය" පිළිබඳව වන ඇගයීමක් නැත. කුඹුක්, මී, පලු, වීර වැනි ගස් වර්ග පරිසරය තුළින් වඳවී යන්නේ එබැවිනි. මිනිසා සතුව තිබූ සියලු සමාජ වටිනාකම් මෙන්ම පරිසරයද පරිහානියට පත්ව ඇත්තේ මිනිසාගේ චින්තනයේ සිදුවූ පෙරළියත් සමග බව පැහැදිලිය. එම පෙරළියට හේතුව මිනිසාගේ වාණිජ්‍යමය ආර්ථික ජීවිතයයි. එම ආර්ථික ජීවිතයට අනුව මිනිසා තමාගේම මිනීවළ තමා විසින්ම කපා ගනිමින් සිටී. රිටිගල වැනි ජාතික සම්පතක් වැනසී යැම මගින් තහවුරු වන්නේ එයයි.හර සුන් ආර්ථික වටිනාකම් පසුපස හඹා යන මිනිසා අද තවදුරටත්, "මිනිසෙක්" නොවේ. පවත්නා වාණිජ්‍යමය සමාජ ක්‍රමයට අනුව ඔහු අද ගනුදෙනු කරුවෙකි. එම ගනුදෙනුකරුවා පරිසරයත් සමග කළ ගනුදෙනුව අවසන්ව ඇත්තේ ඛේදවාචයකිනි. ලොව මවිත කළ රිටිගල සුවිශේෂී පරිසර පද්ධතිය වැනසී යැම එම ඛේදවාචකයේ ඵලයක් ලෙස සැලකිය හැකිය. අද ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින පරිසරය පිළිබඳව වන පිරිහීම "රිටිගල" පිළිබඳව වූ ඛේදවාචකයෙන් නතර වන්නක් නොවේ. වත්මන් යුගයේ ජීවත් වන ගනුදෙනුකරුවා වෙනුවට යළිත් "මිනිසකු" බිහිකර ගැනීමට අප වෙර දැරිය යුත්තේ එබැවිනි.
ලාභය යන සංකල්පය මත විකෘති වූ මිනිස් මනස තුළ "වටිනාකම්" පිළිබඳව මිසක "අගය" පිළිබඳව වන ඇගයීමක් නැත. කුඹුක්, මී, පලු, වීර වැනි ගස් වර්ග පරිසරය තුළින් වඳවී යන්නේ එබැවිනි. මිනිසා සතුව තිබූ සියලු සමාජ වටිනාකම් මෙන්ම පරිසරයද පරිහානියට පත්ව ඇත්තේ මිනිසාගේ චින්තනයේ සිදුවූ පෙරළියත් සමග බව පැහැදිලිය. එම පෙරළියට හේතුව මිනිසාගේ වාණිජ්‍යමය ආර්ථික ජීවිතයයි. එම ආර්ථික ජීවිතයට අනුව මිනිසා තමාගේම මිනීවළ තමා විසින්ම කපා ගනිමින් සිටී. රිටිගල වැනි ජාතික සම්පතක් වැනසී යැම මගින් තහවුරු වන්නේ එයයි.හර සුන් ආර්ථික වටිනාකම් පසුපස හඹා යන මිනිසා අද තවදුරටත්, "මිනිසෙක්" නොවේ. පවත්නා වාණිජ්‍යමය සමාජ ක්‍රමයට අනුව ඔහු අද ගනුදෙනු කරුවෙකි. එම ගනුදෙනුකරුවා පරිසරයත් සමග කළ ගනුදෙනුව අවසන්ව ඇත්තේ ඛේදවාචයකිනි. ලොව මවිත කළ රිටිගල සුවිශේෂී පරිසර පද්ධතිය වැනසී යැම එම ඛේදවාචකයේ ඵලයක් ලෙස සැලකිය හැකිය. අද ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින පරිසරය පිළිබඳව වන පිරිහීම "රිටිගල" පිළිබඳව වූ ඛේදවාචකයෙන් නතර වන්නක් නොවේ. වත්මන් යුගයේ ජීවත් වන ගනුදෙනුකරුවා වෙනුවට යළිත් "මිනිසකු" බිහිකර ගැනීමට අප වෙර දැරිය යුත්තේ එබැවිනි.
සම්පූර්ණ ඇත්ත කතාවක්. ඇත්තෙන්ම දැන් ඉන්නෙ මිනිසෙක් නෙවෙයි තමයි. ස්වභාව ධර්මය අත්තනෝමතික ලෙස විනාශ කිරීම අතින් පමණක් නෙවෙයි අනෙක් හැම කටයුත්තකදීමත් අද මිනිසා ගනුදෙනුකරුවෙක් පමණක් වෙලා.
ReplyDeleteඑහෙත් යළිත් මිනිසෙකු බිහි කිරීමේ හැකියාව පවතීද?
නැතිනම් මනුෂ්‍යත්වයේ හරයන් මියගොස් ඇති බව සලකා කටයුතු කල යුතු වෙමුද?