අප ලෝකයේ සෑම රටකම දක්‌නට හැකි සුලබ කරුණක් ඇත. ඒ මිනිසාගේ එදිනෙදා ජීවිතය ගෙනයැමට අවශ්‍ය සරල බව හා පහසුබව හැම මොහොතකම සොයන බවය. ලාංකික අප ද එකී පහසුව සඳහා තරගකාරී සමාජයකට අවතීර්ණ වී අවසානය. එහෙත් ඒ සඳහා අප ලබාගන්නා පහසුකම් මගින් තම රටේ සංස්‌කෘතිය හා සදාචාරය යන කරුණු දෙක ආරක්‌ෂා කිරීමේ රීතියටද එකඟවීමට අපට සිදුව ඇත.
අද සමාජයේ තරුණ පරපුර විනාශ මුඛයට යන දොරටු අතරට මත්පැන්, දුම්වැටි හා විවිධ මත්කුඩු භාවිතා කිරීම මෙන්ම ඊටත් එහා ගිය ශාරීරික මෙන්ම මානසික විනාශ ගෙන දෙන නවීන තාක්‌ෂණික දොරටුවක් විවරවී ඇත. ඒ "ජංගමයා" ය. "හෑන්ඩ් පෝන්" හෙවත් ජංගම දුරකතනය කාමය උද්දීපනය කරනා මෙවලමක් වී ඇති නිසා එය අද තරුණ පරපුරේ අලුත්ම වසංගත රෝගයක් බවට පත්වී අවසානය. අසභ්‍ය දර්ශන ගැනීම, පටිගත කිරීම, ඡායාරූප ළඟ තබා ගැනීම් වැනි තාක්‌ෂණික පහසුකම් තිබීම නිසා ජංගම දුරකතනය අද මිනිසාගේ පෞද්ගලිකත්වයට කරන හානිය සුළුපටු නැත.
සන්නිවේදනයේ ප්‍රබලම තාක්‌ෂණික උපකරණය ලෙස හඳුන්වන ජංගම දුරකතනය ලොව ඇති ප්‍රබලම සන්නිවේදන මාධ්‍යකරුවා බවට ලොව පිළිගෙන ඇති අතර එම නිසාම වැඩිම ජංගම දුරකතනය භාවිතා කරන රටවල් අතුරින් අප රටද එම ලැයිස්‌තුවට ඇතුළත්වීම රටක් වශයෙන් සතුටට පත්වීමට හේතුව වනුයේ ලාංකික ජනතාව සන්නිවේදන තාක්‌ෂණය තුළ ජීවත්වීමය. එහෙත් එය මානව බුද්ධි පරිණාමයේ තවත් එක් පියවරක් ලෙස ගත්විටකදී පමණි. සන්නිවේදනය දෙවැනිකොට සලකා කාම උද්දීපනයට පළමු තැන දීම සතුටට වඩා කනගාටුවට කරුණක්‌ව ඇති අතර එය සමාජ පිරිහීම දක්‌වාම මේ වනවිටත් ව්‍යාප්ත වී අවසානය.
මිනිසාගේ දියුණුවත් සමඟ විද්‍යා තාක්‌ෂණවේදයේ දියුණුව එන්න එන්නම වැඩිවී ඇත. එය සදාචාරයෙන් තොර හා අධ්‍යාත්මිකත්වයෙන් තොර දියුණුවක් දක්‌වා යාම නිසා අද සමාජයේ පැනනගින, බොහෝ ගැටලුවලට මුහුණපෑමට සිදුව ඇත. මිනිසාගේ සඳ තරණයේ අතුරුඵලයක් ලෙස ලැබූ සන්නිවේදන ක්‍රමය අද එක් පුද්ගලයකුගේ සිට තවත් පුද්ගලයකු දක්‌වා ඉතා ඉක්‌මනින් පණිවුඩ හුවමාරු කර ගැනීම නිසා මිනිසාට නැතිවම බැරි උපකරණයක් දක්‌වාම ජංගම දුරකතනය විහිදී ගොස් ඇත.
ජපානය, චීනය වැනි කාර්මිකකරණයෙන් දියුණු රටවල කුඩා ළමයාගේ සිට මහල්ලා දක්‌වා තාක්‌ෂණික මෙවලමක් ලෙස භාවිත කරන ජංගම දුරකතනය බොහෝ පහසුකම්වලින් සපිරි ඒවා වී ඇත. එහෙත් ඒ රටවල එවැනි තාක්‌ෂණික මෙවලම් භාවිත කරන්නේ යම්කිසි අධ්‍යාත්මික හා සදාචාරාත්මක නීති රීති පද්ධතියක් තුළය. එසේ නොමැතිනම් ලංකාවට වඩා සමාජ වීරෝධී ව්‍යසනයන් අපට බොහෝවිට ඇසීමට හා දැකීමට සිදුවන්නේ කාර්මික කරණයෙන් දියුණු රටවලිනි. එවැනි රටවල බසයේ. දුම්රියේ හා අනෙකුත් ස්‌ථානවල ජංගම දුරකතනය කන්වල ඔබා ගනිමින් මොනවා හෝ කිරීම වෙනුවට ඔවුන් අත තවම රැඳී ඇත්තේ පොත පතය. අපතේ යන හැම මිනිත්තුවක්‌ම ඔවුන් යොදවන්නේ කියවීමේ පුරුද්දටය. කොතරම් තාක්‌ෂණයෙන් දියුණු වුවත් එම රටවල ජනතාව කියවීමේ පුරුද්ද අත් හැර නැත.
ශ්‍රී ලංකාවටද මෙවැනි තාක්‌ෂණික උපකරණ ගෙන්වා බෙදාගැනීමේදී භාවිතයට ගැනීමේදී යම්කිසි නීතියක් රීතියක් පැනවීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතුව ඇත.
තාක්‌ෂණය හා සදාචාරය යන ද්විබන්ධනය ඇති කළ යුතුයි. නැතහොත් මානව පරිණාමය නැවත මූලාරම්භයට යැම නැවැත්විය නොහැක. මේ වනවිට මේ සියල්ලෙහිම ඵලය ජාතියක් ලෙස අප නෙළමින් සිටින්නෙමු. ඒ පාසල් ළමුන්ගේ මානසික විකෘතිතාවයේ සිට ජීවිත විනාශ වන තැන දක්‌වාත්, එතැන් සිට පවුල් ජීවිත විනාශ වෙන තැන දක්‌වාත්ය. රටේ ජීවත්වන බාල, මහලු, තරුණ භේදයකින් තොරව මේ ජංගම දුරකථන ග්‍රහණයට හසුව අපරාධ රැල්ලට බිලිවෙමින් සිටිති. මෙවැනි සිදුවීම් සඳහා දිනපතා පුවත්පත් වාර්තාවලට ඉඩ තබන්නට ද සිදුව ඇත. බසයේ, උපකාර පංතියේ, පාසලේ. පන්සලේ, පල්ලියේ සිට වෙළෙඳසල දක්‌වාම මෙම වසංගතය පැතිරී ඇති අතර නව නිවසෙහි ස්‌වාමියා, බිරිඳ හා දුව හා පුතාගේ නිදි යහන දක්‌වාද මෙය පැතිර ඇත. අසභ්‍ය රූප, අසභ්‍ය වචන රජකරවන මෙම ජංගම දුරකතනය තරුණ පරපුර වහලෙක් බවට පත්කර අවසන්ය.
මේ සියල්ල කතිකාවකින් පමණක් අවසන් කළ හැකිද? එසේනම් මෙමගින් විනාශය කරා යන්නේ අපේ අනාගත පරපුරය. රටේ සංස්‌කෘතිය හා සදාචාරය රැකීම වැඩිහිටියන් ලෙස අප සතු යුතුකමය. ඒ සියල්ල රැකගැනීමට කාලය දැන් එළඹ ඇත. නැතහොත් නිදහස් කර ගන්නා ලද මේ දේශය බාරදීමට සිදුවන්නේ සල්ලාලයන්ටය. මං පහරන්නන්ටය. දූෂකයන්ටය. නැතහොත් පොදුවේ ගත් කල සමාජ විරෝධීන්ටය. මේ සඳහා රජයක් වෙනුවෙන් ගන්නා තීරණ මෙන්ම දෙමාපියන්ටද, ගුරුවරුන්ට ද, පූජ්‍ය නායකයන් ඇතුළු ජනමාධ්‍යකරුවන්ටද විශාල කාර්යභාරයක් පැවරී ඇත.
තමන්ගේ දුවා දරුවාට නවීන තාක්‌ෂණ උපකරණ ලබාදිය යුතුව ඇත. ලෝකයේ දියුණුව කරා යන ගමනේදී අපද එම සන්නිවේදනවලට අනුවර්තනය විය යුතුවේ. එහෙත් මේ සියල්ල දැලිපිහියෙන් කිරිකෑම වැනිය.දරුවෙකුට ජංගම දුරකතනයක් ලබාදීමේදී දුරකතන පහසුකම් ඇති පණිවුඩයක් පමණක් දිය හැකි ජංගම දුරකතනයක් ලබාදීම දෙමාපියන්ගේද වගකීමකි. ළමයින් අතට දුරකථන ලැබෙන්නේ වැඩිහිටියන්ගේ උදව්වෙනි. එසේනම් වැරදි කළ දෙමාපියන් හා වැඩිහිටියන් නිර්දෝශ කළ හැකිද? වැඩිම ආදරයක් පෙන්වීමට හොඳම පහසුකම්වලින් සමන්විත දුරකතනයක් ලබාදීමෙන් තමන්ගේ ළමයා පමණක් නොව එදා වේල අමාරුවෙන් සරිකර ගන්නා දෙමාපියන්ගේ ළමයින්ද මේ විනාශයට ගොදුරු වනු ඇත. උපකාරක පංතියක හෝ පාසලක මෙවැනි එක් ළමයකු සිටීම හොඳටම ප්‍රමාණවත්ය. වැඩිහිටි දැනුම නිවැරදි ලෙස යෙදවීම මෙහිදී මූලික කොට ගතයුත්තකි. පිටි පැකට්‌ටුව ගන්නා මව බුද්ධිමත් වනවා මෙන්ම මවුකිරි වෙනුවට පිටිකිරි දෙන මව බුද්ධිමත් වෙනවා මෙන්ම දරුවාට ජංගම දුරකතනයක් අරන්දෙන මව ඊටත් වඩා බුද්ධිමත්වීම තුළින් විශාල සමාජ ඛේදවාචකයකට තිත තැබිය හැකිය.
රූපවාහිනී මාධ්‍ය ඔස්‌සේ බලෙන් ගෙට රිංගා ගන්නා එස්. එම්. එස්. සුපිරි තරු භීතිකාවේ සිට බල්ලන් පෝන් එකෙන් විකිණීම දක්‌වාද ටෙලි නාට්‍යවලින් දකින දඟකාර චරිත ජංගම දුරකතනවලින් කරන වැරදි හා නොගැලපෙන දේ ප්‍රේක්‌ෂකයාට දීමද ඛේදවාචක රැසකට හේතුවක් වනු ඇත. මෙහිදී මාධ්‍ය බලධාරීන්ටද ද සදාචාරාත්මක මාධ්‍ය කලාවක් රටට හඳුන්වා දීමට කාලය පැමිණ තිබේ. එසේ නොවුනහොත් අනාගතයේදී "ජංගමයා" මාරයා වීම වළකාලීමට බැරිවනු ඇත.

අපේ රටේ බස්වල දුම්‍රියවල පොත් කියවන එක ඇහැට හරිම වදයක්.....ඇස මහලොකු වෙහෙසකට පත්වෙනව ගැස්සීම නිසා.....මිනිස්සුන්ගෙ සමාජීය ක්‍රියාකාරකම් ඔක්කොම ෆෝන් එකටයි අන්තර්ජාලෙටයි යොමොවෙන එක ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි රටකට...සරල සාමාන්‍ය සමාජය සමඟ පහසු ලෙස ගනුදෙනු කල නොහැකි සංකීර්ණ මානසික ව්‍යාදිවලින් යුතු අනාගත පරපුරක් බිහිවීම නවත්තන්න බෑ මේ විදිහට ගියොත්....
ReplyDelete