Monday, June 14, 2010

සෙනසුරාදා රාත්‍රී 8.30 ට ආරම්භ වූ විචිත්‍රවත් සම්මාන උළෙල


ඉන්දියානු චිත්‍රපට ඇකඩමිය හෙවත් අයිෆා සති අන්තය සහ අයිෆා සම්මාන උළෙල පසුගිය ජුනි 05 වැනි දා කොළඹ සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගනයේ දී අති සාර්ථක අන්දමින් නිමාවට පත්විය.

බොලිවුඩ් සිනමාවේ ගෙවුනු සාර්ථක වසර තුළ ප්‍රදර්ශනය වෙමින් බොක්‌ස්‌ ඔෆිස්‌ වාර්තාවලට හිමිකම් කියූ චිත්‍රපට වෙනුවෙන් පැවැත් වූ ජාත්‍යන්තර අයිෆා සම්මාන උළෙලක්‌ පැවැත්වීමේ පළමු ආසියාතික

රට වීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවිය.

මෙවර මෙම සුපිරි ඉසව්වේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව දැරූ අතර ශ්‍රී ලංකාව සත්කාරකත්වයට තෝරා ගැනීමේදී තවත් රටවල් තුනක්‌ අයිෆා සම්මාන උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම සඳහා තරඟ වැදුනු අතර එයට සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, කොරියාව යන රටවල් ඇතුළත් විය.

සෙනසුරාදා රාත්‍රී 8.30 ට ආරම්භ වූ මෙම විචිත්‍රවත් සම්මාන උළෙල සඳහා සහභාගී වීමට ඉන්දීය තරු

රැසක්‌ ශ්‍රී ලංකාවට පැමිණියා.

රිතික්‌ රෝෂන්, රාකේෂ් රෝෂන්, සුසෑනි ඛාන්, සල්මන් ඛාන්, කරීනා කපූර්, සාහිෆ් අලි ඛාන්, සංජය දත්, සුනිල් ෂෙට්‌ටි, බිපාෂා බාසු, විවේක්‌ ඔබරෝයි, රිතීෂ් දේශ්මුක්‌, ඩියා මිර්සා, ෂර්මන් ජෝශි, ගෝවින්දා, අනිල් කපූර්, නිරාඡ් නිතීන් මුකේන්, සෝනාක්‍ෂි, නේහා දූපියා, ගොහර් ඛාන්, හුසේන් කුංජවාලා, ඊෂා සර්වානි, කූනල් කපූර්, සොහෙල් ඛාන්, කන්ගනා රයිනා, ඉර්ෆාන් ඛාන්, අනුපම් කේ, බෝමන් ඉරානි, ජාවිඩ් ජැෆ්රි, දිව්‍යා දත්තා, ෆර්ඩින් ඛාන්, ලාරා දත්තා, සුරේෂ් ඔබරෝයි, මලේඛා අරෝරා, ඕමි විද්‍යා, චන්කි පාණ්‌ඩේ, ජැක්‌ බන්දානි, රිමී සෙන්, ගුල්ෂන් ගෝවර් යන අය මෙන්ම චිත්‍රපට අධ්‍යක්‍ෂකවරුන්, නිෂ්පාදකවරුන්, සංගීත අධ්‍යක්‍ෂකවරුන්,

ගායක ගායිකාවන් සහ බොලිවුඩ් සිනමාවට දායකත්වය ලබාදෙන ශිල්පීන් රැසක්‌ මේ අතර වුණා.

මෙහි විශේෂත්වයක්‌ වූයේ බොලිවුඩ් සිනමාවේ සුපිරිතම තරුව "කිං ඛාන්" හෙවත් ෂාරුක්‌ අයිෆා 2010

වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක්‌ අන්තර්ජාලය ඔස්‌සේ එවා තිබීමයි.

මෙහිදී ඉතා ජනප්‍රිය කාණ්‌ඩ රැසක්‌ යටතේ බොලිවුඩ් චිත්‍රපට සහ නළු නිළියන් සම්මානයට භාජනය වුණා. පරිසරයට කරන ලද සුවිශේෂී දායකත්වය වෙනුවෙන් අයිෆා විශ්ව පාරිසරික සම්මානය විවේක්‌ ඔබරෝයි වෙතත්, අයිෆා මානව හිතවාදී සමාජ සත්කාරයන්ට ලබාදුන් දායකත්වය වෙනුවෙන් සල්මන්

ඛාන් වෙත සුවිශේෂී සම්මානයක්‌ ද පිරිනැමීමයි.

හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ විදු විනෝද් චොප්රාගේ 3 IDIOTS චිත්‍රපටය යි.හොඳම අධ්‍යක්‍ෂණය සඳහා සම්මාන ලැබුවේ රාඡ්කුමාඳු හිරානිගේ (3 IDIOTS) චිත්‍රපටයයි. හොඳම නළුවා සඳහා සම්මාන ලැබුවේ PAA චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් අමිතාබ් බච්චන් ය. හොඳම නිළිය සඳහා සම්මාන ලැබුවේ 3 IDIOTS චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් කරීනා කපූර් ය.

හොඳම සහය නළුවා සඳහා සම්මාන ලැබුවේ 3 IDIOTS චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ෂර්මන් ජෝස්‌ති ය. හොඳම සහය නිළිය සඳහා සම්මාන ලැබුවේ DEඛ්‍යෂ 6 චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් දිව්‍යා දත්තා ය. හොඳම විකට නළුවා සඳහා සම්මාන ලැබුවේ ALL THE BEST චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් සංජය දත් ය. වඩාත් සාර්ථක හොඳම දුෂ්ඨ නළුවා සඳහා සම්මාන ලැබුවේ 3 IDIOTS චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් බෝමන් ඉරානි ය.

No comments:

Post a Comment

Related Posts with Thumbnails Related Posts with Thumbnails