Monday, June 14, 2010

බොරු මත වාසියට හරවා දෙසන බණ

සහ ජීවනය, සාමය සමගිය පෙරට
ගනිමින් බොරු සිනා පා යන බව එකට
ඉඩලද විටම වාසිය ගැනුමට අතට
බෙලි කපනා දිය රෙද්දෙන් ජය පහට

බොරු මත වාසියට හරවා දෙසන බණ
වැඩ වරදින ලෙසට නොදැනිම කටින වින
අදහනු බැරි විලස ඇසුරෙම සිටින දැන
අඟපිට සිටම කති සමහරු ලඟම කන

හදවත පිවිතුරුයි බස ගමනද සොඳුරූ
ලෙන්ගතුකම පදසන කරමින් නෙ
යුරු
ලද අවසරෙන් පෙරමග බාදක ඇතිරූ
උඩින් නම් මිතුරු යට බැලුවම හතුරූ

හදවත අතට දී කර කර අදර කතා
බලමින් මහ ලකුණු තම වාසියම පතා
අටවන උගුල් බොරු බේගල් එකට ඔතා
මිනිසා යයි හඟිමි ලොව වැසි විසම සතා

වදනෙහි මිහිර සිත තුළ රැඳි නපුරු විසක්
මෙතුවක් නොහැකි කර ගැනුමට අපට පසක්
වෙසෙනා සමාජයෙ වැදගත් කියන රැසක්
කිසි අයුරකින් අදහා ගත නොහැකි සෙයක්

No comments:

Post a Comment

Related Posts with Thumbnails Related Posts with Thumbnails