Thursday, July 22, 2010

මහ මෙරක් තරමටම අගෙයි මට කුමරුනේ





ඇඟ මසට ලොබ බඳින
රුපු සතුන් ඇති වනේ
නුඹ සදිසි පින් සිතක්
නොමැත තව හමු වුණේ
රුවට නොව කවි කමට
උරුම වූ නුඹේ සෙනේ
මහ මෙරක් තරමටම
අගෙයි මට කුමරුනේ
ඇසෙන සවනට වදන්
අමා බිඳු ගලා යයි
දකිත රුව දෙනයනට
රසඳුනක් සමානයි
වඩිත නුඹ මා සිතට
දුක් සුසුම් පලා යයි
කරුණ කිම නොසිතෙන්ට
මුළු ලොවම මගේ යයි...!

3 comments:

  1. නුඹ සදිසි පින් සිතක්
    නොමැත තව හමු වුණේ
    රුවට නොව කවි කමට
    උරුම වූ නුඹේ සෙනේ
    මහ මෙරක් තරමටම
    අගෙයි මට කුමරුනේ
    අනේ එක නම් හරිම ලස්සනයි. මටත් කියන්න ඕනේ ඒකමයි.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  2. හරිම ලස්සනයි !!!!!!!!!!!

    ReplyDelete
  3. හරිම ලස්සනයි, ඇත්තටම උදෙට උදෙට මෙවාගෙ දෙවල් කියවන්න තියනවා නම් දවසම පිරිලා. හරිම ලස්සනයි... වැඩි බරක් නැහැ හිතට සැහැල්ලුව දැනෙනවා. මොකද මෙ ඇඩ් වලින් වට කරගෙන සයිට් එක.

    ReplyDelete

Related Posts with Thumbnails Related Posts with Thumbnails