Monday, July 12, 2010

ඔබත් මානසික පීඩනයෙන්ද?


එක්‌ දිනකදී ඔබට රාජකාරී කාර්යයන් කොපමණ ඉටු කිරිමට තිබේද? එක්‌වරම ඔබේ සිතට පිළිතුරු නොනැගෙනවා විය හැකිය. නමුත් සාමාන්‍ය වැඩ කරන දිනයකදී ඔබට විවිධ වූ කාර්යයන් එක්‌තරා කාලසීමාවකදී නිම කිරිමට සිදුවේ. එම කාර්යයන් සම්පූර්ණ කිරිමේදී ඔබට ඔබේ සේවා ප්‍රධානීන් හා සේවා දායකයන් තෘප්තිමත් වන අයුරින් එම සියළු කටයුතු සිදු කළ යුතු වේ. එවිට ඔබට පවනේ වේගයෙන් වැඩකිරිමට සිදුවන අවස්‌ථා නැතුවා නොවේ. බොහෝ අවස්‌ථාවලදී ඔබ සතුව ඇති කාර්ය භාරය ඒ සඳහා ලැබී ඇති කාල පරාසයට වඩා අති විශාල වේ.



එවිට ඔබගේ සහයක පිරිස හා සේවා ප්‍රධානීන් අතර සුළු අමනාපකම් පවා ඇතිවීමට ඇති ඉඩ ප්‍රස්‌ථාව වැඩි වේ. එවැනි අවස්‌ථාවන්වලදී ඔබට ඇතිවන මානසික පීඩනය නිසා හිසේ කැක්‌කුම, උරහිස්‌ වේදනා හා නිදි වර්ජිත බව ආදී රෝගයන්ගෙන් පීඩා විඳිමටද ඔබට සිදුවේ. කාර්යාලයේදී ඔබට ඇතිවන මානසික පීඩනය නිසා කාර්යාලය යුද භූමියක්‌ ලෙස ඔබට හැඟෙනවා ඇත. කෙසේ නමුත් මෙම මානසික ආතතිය දුරුකරගැනීම පෞරුෂ සම්පන්න බවට වඩාත්ම වැදගත් වේ.



ඔබේ මානසික ආතතියට තුඩුදෙන ප්‍රධාන සාධක ලෙස ඒකාකාරී කාර්ය රටාව අධික කාර්ය භාරය ඉතා දැඩි නිමා කාලයක්‌ පනවා තිබීම සඳහන් කළ හැකිය. ඊට අමතරව ඔබ විසින් සිදු කරන රැකියාවේ අනාරක්‌ෂිත බවද කාර්යාලය තුළ පවතින දේශපාලනික හෝ ඒකාධිපති ස්‌වභාවයද මානසික ආතතිය වැඩිකරන සාධක ලෙස හඳුන්වා දිය හැකි වේ.



මෙම මානසික ආතතියෙහි ලක්‌ෂණ පහත පරිදි වේ. මෙහිදි මූලික ලක්‌ෂණය ලෙස හඳුන්වාදිය හැක්‌කේ වහා කිපෙන සුළු බවයි. මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයා අනෙක්‌ පුද්ගලයන් නොරුස්‌සන බවක්‌ දක්‌නට ලැබේ. එලෙසම එම පුද්ගලයාගේ කාර්ය සාධනය හා එම කාර්යන් කෙරෙහි ඇති කැපවීමේ අඩු බවක්‌ද නිරික්‌ෂණය කළ හැකිවේ. ඊට අමතරව යම් යම් කායික රෝගාබාධයන්ට ලක්‌වීමේ අවදානමක්‌ද මෙම මානසික පීඩනයන්ට ලක්‌වූ පුද්ගලයන්ට ඇති විය හැකිය.



ඉහත සඳහන් පරිදි ඔබට ඇතිවන මෙම මානසික පීඩනය ඔබේ පෞද්ගලික දිවිය හා කාර්යාලීය ජීවිතය අවුල් සහගත තත්ත්වයකට පත් කිරිමට ප්‍ර්‍රථම එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ඔබේ කාර්යාලයේ වැඩ අධ්‍යයනයක්‌ සිදු කරගත යුතුවේ. ඉන් පසුව ඒ සඳහා මනා කාර්ය සැලැස්‌මක්‌ නිර්මාණය කරගෙන ඒ අනුව වැඩකටයුතු කිරිමද උචිත වේ.



ඊට අමතරව ඔබ වෙනසකට සුදානම් වී සිටීමද මානසික ආතතිය අවම කරගැනීමට බොහෝ සෙයින් උපකාරීවේ. මෙලෙස වෙනස්‌ වීම්වලට සුදානම් වී සිටිම මෙන්ම ස්‌ව අභිප්‍රේරණයෙන් යුතුව කටයුතු කිරිමද ඔබගේ මානසික ආතතිය දුරු කිරිමට උදව් වේ.



අවශ්‍ය අවස්‌ථාවේදී නිසි විවේකයක්‌ ලබා ගැනීමද යෝගී වැනි භාවනා ක්‍රම අනුගමනය කිරිම තුළින්ද ඔබට ඔබගේ මානසික ආතතිය පාලනය කරගත හැකිය.



මෙලෙස නිර්මාණශීලිව හා සැලසුම් සහගතව ඔබේ වැඩකටයුතු සිදුකරගැනීම තුළින් ඔබට ප්‍රිය මනාප හා මිත්‍රශිලි සේවයක්‌ ඔබේ සේවා ප්‍රධානීන්ට හා සේවා දායකයන්ට ලබාදීමට හැකිවනු ඇත.



1 comment:

  1. අපරදිගින් එන මත වාද සියල්ල හිස් මුදුනින් පිලිගැනීම නිසා අපේ මානසික විශේෂඥයෝද වික්ශිප්තව වී සිටිති. එකවරකට සිතට නැගෙන්නේත්, සිත තුල ක්‍රියා කරවිය හැක්කේත් එකම එක මතයකට පමණි. මේ බව පිලිගැනීමට කිසිම තර්කයක් වුවමනා නැත. අපේ ශාස්තෲන් වහන්සේ වන ගෞතම බුදු පියානන් වහන්සේ මේ බව අපට උන්වහන්සේගේ 45වසරක සේවා කාලය තුල කීප අවස්ථාවක වදාල සේක. උන්වහන්සේ කිසිම කලක කිසිම විටක ආතතිය උදෙසා කිසිම බෙහෙතක් නියම කර නැත. ( උදාහරන - කිසා ගෝතමී) බෙහෙත් දෙන්නේ මොලයේ සෛල වල ක්‍රියාකාරිත්වය වෙනස් කිරීමටය. වෙනස් වූ ක්‍රියා කාරිත්වයෙන් වැඩකරන මොලය තාවකාලිකව එසේ වැඩකරයි. එය අතීසාරයට අමුඩය ගැසීම හා සමානය. බටහිර මානසික විශේෂඥයෙක් හැටියට හිස් මුදුනින් පිලිගත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහතා තමාට දාව තම බිරිඳගේ සහෝදරියට බිලිඳෙක් කුසට දුන් කාමුකයෙකි. සිය මව ගැන පවා කාමුක අදහස් ඇතිකරගත් විකෘති සිතකින් යුතු වූවෙකි. අපට බටහිර වෛද්‍ය වරුන් විසින් අපට පිලිගන්වනේ මොවුන්ගේ මතද? අපි සිහි බුද්ධියෙන් කල්පනා කලයුතු කාලය පැමින ඇත. බටහිර ලෝකය පවා බෞද්ධ භාවනා ක්‍රම "ණයට ගන්නා කාලය පැමින ඇත". ඒ බව ඔවුන් ප්‍රකාශ කරති. ආතතිය යනුවෙන් අදහස් කෙරෙන්නේ සිතෙහි අදහස් බහුල වශයෙන් පැන නැගී පැටලී ඇති බවකි. ඒවායේ හේතු වශයෙන් ගත හොත් තමා තුලම ඇති වන ආශාවන්, බලා පොරොත්තු, ආදී දේවල්ම මිස වෙන කිසිවක් නොවන බව පෙනී යයි. අවශ්‍ය මෙය තෝරා බේරා ගැනීම සඳහා සුදුසු උපදේශකයෙක් පමණයි.

    ReplyDelete

Related Posts with Thumbnails Related Posts with Thumbnails