Wednesday, July 14, 2010

විරංගී වෙනත් කෙනෙකු සමග ලිංගික සංසර්ගයේ යෙදුනාද ?



විරංගී මුළු රැයම නිදිවර්ජිතව කල්පනා කලේ මේනක දිනෙන් දින ඇය වෙත එල්ල කරන චෝදනාවන් අඩුවීමක්‌ නොමැතිවීම ගැන ය.

"අනේ මන්දා මේ ප්‍රශ්නේ කොහොම විසඳගන්නද කියලා."
විරංගී තමාට ම කියා ගත්තා ය.

ඒ සැනින් කාමරයට ඇතුලු වූ අම්මා... ඇගෙන් අදත් රැකියාවට නොයන්නේදැයි විමසුවා ය.

"මම දන්නවා උඹට ඔය මිනිහා වදදෙන බව. ඇන්දත් වැරදියි. කෑවත් වැරදියි. මොකක්‌ද ඇත්තට ම මේනකට හැදිලා තියෙන ලෙඩේ. ඔහොම පවුල් කන්න පුළුවනි ද? වරදක්‌ නොකර නිකං බැනුම් අහගෙන ඉන්න එක ගැනත් මමත්,
අප්පච්චිත් කතා වෙනවා."

මෙසේ කියමින් අම්මා කාමරයෙන් පිටව ගියා ය.
විරංගී වහා ඇඳෙන් බැස්‌සේ මේ ප්‍රශ්න දෙමාපියන්ගෙන් වසන් කරගන්න ඕන කියන සිතුවිල්ලෙන්.

මෙම කතාව පිළිබඳව සාවධානව ඇහුම්කන් දුන් කෙනෙකුට මෙය පවුල් ජීවිතය තුළ ඇති වූ සහ ඇතිවිය හැකි සාමාන්‍ය ප්‍රශ්නයක්‌ ලෙස හිතන්න පුළුවනි. නමුත් මෙතන තියෙන්නේ ඩිලුෂන් ලෙස හඳුන්වන තත්ත්වය යි. හේතුවක්‌ නොමැතිව එහෙමත් නැත්නම් සාක්‌ෂියක්‌ නොමැතිව සැක කිරීම තමයි මෙතනදී සිදු වෙන්නේ.

ඇතැම් වෙලාවට මොවුන්ට වෙනත් සම්බන්ධයක්‌ තිබෙන්නට පුළුවන්. නමුත් ඒ කාරණාව මත නෙමෙයි මේ සැකය තිබෙන්නේ. වෙනත් කාරණාවක්‌ මතයි. ඩිලුෂන් එකක්‌ ලෙස හඳුන්වන්නේ සත්‍ය මත පදනම් නොවූ දෙයක්‌ නිසා ඇතිවන සැකයට යි. කෙනෙකු ළඟින් ආශ්‍රය කිරීම, ඇඟැළුම්කම් පෑම මත සැකය ඇති කර ගැනීම වෙනත් කාරණයක්‌. එයට හේතුවක්‌ පැහැදිලිව තිබෙනවා.

මෙවන් උදාහරණ පවා දෙන අවස්‌ථා හමුවෙලා තිබෙනවා.

"මැයගේ ලිංගික ප්‍රදේශය වෙනදාට වඩා වෙනස්‌ බව මා හඳුනා ගත්තා. මට විශ්වාස යි මැය මීට ටික වේලාවකට කලියෙන් වෙනත් කෙනෙකු සමග ලිංගික සංසර්ගයේ වෙනත් කෙනෙකු සමග ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවට". මේ කතාව දෙස බැලුවාම මෙය කොතරම් විශ්වාස කරන්න බැරි දෙයක්‌ ද කියලා හිතන්න.

තවත් කතාවක්‌ තමයි සැමියෙක්‌ කියනවා "මගේ බිරිඳ වැඩට පිටත්වන හැම වෙලාවක ම එහා ගෙදර මනුස්‌සයා එනවා බැල්කනියට" මෙවැනි දේවල් මත පදනම්ව තමයි සැක කරන්න ගන්නේ.

තවත් කිව්වොත් "මෙයා වැඩ ඇරිලා ගෙදර එන්නේ ඔෆිස්‌ අරිනවෙලාවට නෙමෙයි පොඩ්ඩක්‌ පරක්‌කුවෙලා. වෙනත් කෙනෙත් හමු වී සම්බන්ධයක්‌ පවත්වා වෙන්නට ඇති". ආදී වශයෙන්.....

මෙවන් හේතුන් නිසා පළමුව ඔවුන්ට, දෙවනුව සැකයට භාජනය වන පාර්ශවයට, දරුවන් සිටි නම් දරුවන්ට, ඔවුන්ගේ පවුල්වල අයට යන සියලුදෙනාට ම විවිධ ප්‍රශ්න ඇතිවිය හැකියි. මෙහි උච්චතම අවස්‌ථාවට පැමිණි
විට පහරදීම්, මරණයට උත්සාහ කිරීම වගේ ම මරණය පවා සිදුවිය හැකියි.

මේ නිසා මෙම සැකය ව්‍යාධිජනකයක්‌ වනවිට, රෝගයක්‌ වනවිට මෙයට ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. මෙවන් තත්ත්වයන් ඇතිවෙන්නේ මොළයේ සිදුවන රසායනික වෙනස්‌කම් නිසාවෙන්. එය නිවැරදි කිරීම සඳහා ඖෂධීය ප්‍රතිකාර කරනු ලබයි. ඖෂධීය ප්‍රතිකාර දීර්ඝ කාලයක්‌ කිරීමට අවශ්‍ය වෙනවා. අවාසනාවට වගේ මෙවැනි රෝගීන් තමන්ට තිබෙන්නේ ඩිලුෂන් කියන මානසික රෝගය බව පිළිගන්නට කැමැති නැහැ. එසේ ඖෂධ ලබාදුන්නත් රෝගීන් ඖෂධ ලබාගැනීම මඟ හරිනවා.

එවන් දේවල් නිසා පවුල් වෙන් වූ අවස්‌ථාවන් පවා තියෙනවා. ඖෂධ සොයා ගැනීමට පෙර හිතුවා මෙවන් සැකකරන පුද්ගලයන්ගෙන් වෙන්වීම තමයි එකම විසඳුම කියලා. ඖෂධ හැරුණු කොට වෛද්‍යවරු උපදෙස්‌ දෙනවා, මෙම සැකයට භාජනය වන මොවුන් ඉදිරිපත් කරන සාධකවලින් ඉවත්වෙන්න කියලා. උදාහරණයක්‌ වශයෙන් වැඩ ඇරුණු වහාම ගෙදර එන්න. බිරිඳකට නම් කර පළල් හැට්‌ට අඳින්න එපා. සාරිය නාභියට පහළින් අඳින්න එපා කියලා. මොකද ඔවුන් ඒවා පවා සැකයට හේතු ලෙස ගන්නවා. විශේෂයෙන් ම හැසිරීම් රටාවන්. මේවා ඔවුන් ප්‍රසිද්ධියේ පෙන්වාදෙන කාරණාවන්. ඊට පස්‌සේ පවුලේ අයට අවබෝධයක්‌ ලබා දෙනවා. මෙතනදි වෙන තවත් කාරණාවක්‌ තමයි. බිරිඳ සැක කරනවා නම් ඥාතීන් ද බිරිඳ සැක කරන්නට ගැනීම.

එමෙන්ම ඖෂධීය ප්‍රතිකාර කෙසේ හෝ කළ යුතු වෙනවා. මත්පැන්, සහකරුගේ හෝ සහකාරියගේ සමාජ තත්ත්වය, වෘත්තීමය ස්‌වභාවය එය හේතුකොටගෙන ඇතිවන සැකයට මනා අවබෝධයක්‌ ලබා දීම කළ යුතුයි. විශේෂයෙන් මානසික වෛද්‍යවරයෙක්‌ හමුවෙලා ප්‍රතිකාරවලට යොමුවීම ඉතා වැදගත්.

3 comments:

Related Posts with Thumbnails Related Posts with Thumbnails