Wednesday, June 2, 2010

Today I am excited because my son


පුතාගෙ වයස අවුරුදු දහනමයයි. අවුරුදු දහනමයක්‌ කියන්නේ ජිවිතය පටන් ගත්තා විතරයි. යා යුතු මග බොහෝ තිබියදී පසුගිය දිනෙක පුතා මේ මිහිපිටින් සමුගෙන ගියේ මවුපිය සහෝදර ඥති මිත්රාබදීන්ට සදාතනික කඳුළක කැළැලක්‌ ඉතිරි කරමින්.

කල් පවතින රෝගයක්‌ හෝ හදිසියේ ඇති වූ ආබාධයක්‌ කියන කිසිම දෙයක්‌ පුතාට තිබුණේ නැහැ. රෝගයක සේයාවක්‌වත් නැතිව මේ කියන පුතා ජීවිතයෙන් සමුගත්තේ කොහොමද කියන ප්රසශ්නයට දැන් ඔබත් මැදිවෙලා ඇති.

පුතා ජීවිතයෙන් සමුගත්තේ යම් ඖෂධ වර්ගයක්‌ අවුරුද්දක්‌ පුරා පානය කර එය අධි මාත්රා්වෙන් ශරීර ගත වී තිබුණු නිසයි.

පුතා මවුපියන්ගේ දෑසට නොපෙනෙන ලෙසින් මෙවැනි ක්රිසයාවක නිතර වූයේ කෙසේදැයි කියන ප්රෑශ්නය හමුවේ සිතන්නට බොහෝ දේවල් ඉතිරි වෙලා.

සැබැවින්ම මේ කියන පුතාගේ මව කෙතරම් කාර්යය බහුල කාන්තාවක වුව ද ඇය මවක්‌ කියන කාරණයට ඊට අදාල වන්නේ නැහැ. වසරක්‌ පුරාම පුතාගේ ක්රිවයාව පිළිබඳ ඇය නොදැන සිටියා යෑයි කීමෙන් හෝ පුතා ඇබ්බැහි වූ ක්රිවයාවෙන් ගළවා ගන්නට හැකියාවක්‌ නොතිබුණා යෑයි කීමෙන් විශේෂයෙන් මවට තම කුසේ මාස දහයක්‌ තබා ගෙන මෙලොවට බිහි කළ පුතු වෙනුවෙන් හිත හදා ගැනීමේ හැකියාවක්‌ ලැබෙන්නේ ද නැහැ.

මිළ මුදල්, රන් කහවනු දරුවන් වෙනුවෙන් යෑයි කියමින් ඒවා රැස්‌ කිරීමේ කාර්යයට මූලික තැන් දුන් බොහෝ අවස්‌ථාවල දරුවන්ට එයින් යම් හෝ සෙතක්‌ නොවූ අවස්‌ථා අප සමාජයේ කොතෙකුත් දක්‌නට අසන්නට ඇත්තේ මවුපියන්ගේ විශේෂයෙන් මවගේ අවධානය දරුවන් වෙතින් ගිලිහී යාම නිසාමයි.

දරුවන් කරන්නේ කුමක්‌දැයි, දරුවන් ආශ්රිය කරන්නේ කවුරුන්දැයි මෙන්ම අමතර පන්ති සඳහා සහභාගි වන දරුවා ඒ සඳහා තෝරාගෙන ඇත්තේ නිවැරදි මාර්ගයදැයි මවුපියන් දැන සිටිය යුතුම වන්නේ ඒ නිසාමයි.

එසේ නොවූ තැන සිදුවන්නේ අයහපත්කම බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. එය දුකක්‌ම වන බව මට මෙන්ම ඔබටත් හොඳින් දැනෙයි. ඒ දුක සදාතනික දුකක්‌ම වන්නේ මවගේ අවධානය නොවූ තැන ඇයගෙන් ඈත් වන්නේ රටක්‌ රාජ්යකයක්‌ මිල කළ නොහැකි වස්‌තුව වන දරුවකු වන නිසාවෙනි.

එය එසේම වන නිසා අපි අදටත් හෙටටත් හැමදාටමත් දරුවන් ගැන වඩාත් සැලකිල්ලෙන් කටයුතු කරමු. මිල කළ නොහැකි වස්‌තුව රැක ගැනීමට වෙහෙසෙමු.

1 comment:

  1. හොඳ ලිපියක් . .. !

    ඇත්තෙන්ම දරුවා කිරි බොන බඩගාන වයසේ විතරක් නෙමෙයි ඔහු ගන අවධානය යොමු කල යුත්තේ . .

    ඔහු / ඇය යෞවනයෙක් යෞවනියක් වූ විටයි ඔවුන්ට වැඩි අවධායන යොමු කල යුත්තේ . .

    නමුත් අවාසනාවට අපේ බොහෝ දෙමාපියන් තමන් යෞවන වයසේ දී අතරමං වූ බව අමතක කොට දරුවාට ත් තමා මූන දුන් අතුරු ආන්තරා වලට ම මූන දීම ට ඉඩ සලසනවා.

    ඛේදනීයයි . . .. !

    ReplyDelete

Related Posts with Thumbnails Related Posts with Thumbnails