Thursday, June 3, 2010

දිඹුලාගල නාහිමි


දිඹුලාගල නා හිමියන් පිළිබඳ අනුස්මරණය ඉකුත් 26 දාට යෙදිණි. මේ පැදි පෙළ ඒ නිමිත්තෙනි.


තනිවම කැලෑවට වී මිනිසුන් හැදුව


ඔබෙ නම සදාකල් පවතී පිරිසුදුව


රට දැය අරක්ගත් මුර දෙවියකු බඳුව


මහ වනයෙහිම වැඩ උනි නොබියව ඉදුව



තැන්පත්කම නිහතමානය අත නොහැර


දිවිදී අපිස්දිවියට දහමට පවර


ඇඳ ඇතිරිලි පලස් සැප විහරණ කවර


පිළිකෙව් කළා මාහිමි හැමදා නිතොර



මිග පා හසර දුරුගය රජමග වීය


කරකොළ - නෙළුඹුදඬු දිව බොජුන ම වීය


ගිරිලෙන ගුහා ගැබ රජ මැඳුරම වීය


දල කඩ පැදුර කොඳු පලසම වීය



වාරියපොළ කුඩා පොල හිමියනට පසූ


ගතවූ සියවසෙහි මේ හෙළබිමෙහි විසූ


මහ සෙනෙවියා සිංහලකම නිතර දෙසූ


සඟ රජකමට හිමියනි ඔබමය සුදුසු

1 comment:

  1. හරිම අගෙයි . .

    නියම ජාතික වීරයෝ අමතක කරලා මීඩියා වලින් සල්ලි වලට ගිජු කම නිසාම හිස් මිනිස්සුන්ව නැතිනම් කාඩ්බෝඩ් වීරයන්ව වීරයෝ විදිහට සලකන්න සමාජය පෙලගස්වන කාලේ ඔලුවෙන් හිටගෙන ඉන්න සමාජය කකුල් දෙකෙන් හිටවන්න උත්සාහ කරන මේ වගේ ලිපි ඇත්තෙන්ම අගයකල යුතුමයි. . .


    ජය . ..

    ReplyDelete

Related Posts with Thumbnails Related Posts with Thumbnails