Wednesday, July 21, 2010

නව අන්තර්ජාල සේවා දෙන "සුබස" වෙබ් අඩවිය එළි දකී








කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ (UCSC) භාෂා තාක්‍ෂණ පර්යේෂණාගාරය, සිංහල භාෂාවට අන්තර්ජාලය ඔස්‌සේ නව සේවා ලබා දෙන "සුබස" වෙබ් අඩවිය (www.subasa.lk) පසුගියදා එළි දැක්‌විය.

කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ නියෝජිත ආයතනයේ (ICTA) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රොෂාන් දේවපුර මහතා පැවැසුවේ subasa.lk වෙබ් අඩවිය එළි දැක්‌වීම, සිංහල භාෂාවෙන් පරිගණකය සහ අන්තර්ජාලය පරිහරණය කිරීම පහසු කිරීම සම්බන්ධයෙන් ගත් ඉතා වැදගත් ඉදිරි පියවරක්‌ බවයි. තවදුරටත් අදහස්‌ දැක්‌ වූ දේවපුර මහතා පැවැසුවේ subasa.lk වෙබ් අඩවියේ සිංහල භාෂාවෙන් පරිගණකය සහ අන්තර්ජාලය පරිහරණය කිරීම පහසු කරන මෘදුකාංග සහ මෙවලම් රාශියක්‌ ඇති බවයි. එම අගනා මෘදුකාංග කොළඹ විශ්වවිද්‍යාලයීය භාෂා තාක්‍ෂණ පර්යේෂණාගාරය දීර්ඝ කාලක්‌ කළ පර්යේෂණවල ප්‍රතිඵල බවද ඔහු පැවැසීය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ භාෂා තාක්‍ෂණ පර්යේෂණාගාරයේ ප්‍රධානී ආචාර්ය රුවන් වීරසිංහ මහතා... "නූතන ලෝකයේ බොහෝ දෛනික කටයුතු පරිගණකය සහ අනතර්ජාලය මත පදනම් වෙලා තියෙනවා. මේ නිසා අපි මෙම විද්යුත් මාධ්‍ය දෙක සිංහල භාෂාවෙන් වැඩ කරන්න පුළුවන් විදිහට හදා ගත්තේ නැති නම් අපේ භාෂාව මැරිලා යන්න පුළුවන්. සිංහල භාෂාවෙන් පරිගණකයේ සහ අන්තර්ජාලයේ පහුසුවෙන් වැඩ කරන්න නම් ඒවාට සිංහල භාෂාව ගැන අවබෝධයක්‌ ලබා දෙන්න ඕනෑ. ඒ වගේම පරිගණකයට සහ අන්තර්ජාලයට සිංහල භාෂාව අන්තර්ගත කරන්න ඕනෑ. මේ සඳහා මෘදුකාංග සහ මෙවලම් නිර්මාණය කරන්න ඕනෑ. මේ ගැන උනන්දුවක්‌ දක්‌වන විවිධ පුද්ගලයන්ගේ සහ ආයතනවල ද සහාය ලබාගෙන කොළඹ විශ්වවිද්‍යාලය දීර්ඝ කාලයක සිට මෘදුකාංග සහ මෙවලම් නිර්මාණය කිරීමෙහි නිරත වෙලා සිටිනවා. subasa.lk වෙබ් අඩවිය එළි දැක්‌වීම එම කාර්යයේ ඉතා වැදගත් සන්ධිස්‌ථානයක්‌ විදිහට සලකන්න පුළුවන්."

ICTA ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රොෂාන් දේවපුර subasa.lk වෙබ් අඩවිය නිල වශයෙන් එළි දැක්‌වීමෙන් පසු කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ භාෂා තාක්‍ෂණ පර්යේෂණාගාරයේ කණ්‌ඩායමේ නායක විරා වෙල්ගම මහතා subasa.lk වෙබ් අඩවියේ ඇති විශේෂාංග සහ එමගින් ලබා දෙන සේවා එකින් එක ප්‍රායෝගිකව ක්‍රියාකර පෙන්වමින් විස්‌තර කළේය. මෙම අවස්‌ථාවට පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි, මහාචාර්ය අනුර වික්‍රමසිංහ, මහාචාර්ය වී. මූ විඡේරත්න ඇතුළු විද්වත්හු විශාල පිරිසක්‌ සහභාගි වූහ.



2 comments:

  1. හොඳයි ... හොඳයි .. මගෙන් සුබ පැතුම් .....
    ජයවේවා.

    ReplyDelete
  2. Slots | Casino Games - DrMCD
    The casino is one of the oldest casinos in 경주 출장샵 the UK with 강원도 출장안마 its sister 천안 출장샵 casino LuckyLand, which is also 김제 출장마사지 owned 서울특별 출장안마 by Caesars Entertainment. The casino has an

    ReplyDelete

Related Posts with Thumbnails Related Posts with Thumbnails