Monday, June 21, 2010

පෝරුවෙ නැඟලා මුද්දක් දාගෙන අෂ්ඨක වැස්සේ !

පෝරුවෙ නැඟලා අෂ්ඨක වැස්සේ
මුද්දක් දාගෙන ඉන් බැස නාවට
පොටෝ සාප්පුවෙ සිහිවටනයකට
ඇඟට ඇලීගෙන මුහුණ නො පෑවට
මධු සමයෙන් පසු රබන් සද්දෙ මැද
අලුත් දිවියකින් ගෙට ගොඩ නූනට
පුතේ මමත් ඒ අය වාගේමයි
උඹව කුසට ගෙන දුන්නේ ලෝකෙට
සම්මත සිරිතයි අසම්මතෙයි යන
උතුර දකුණ වැනි එක එක ගාලට
තල්ලු කරන් අප උන්ගේ මතයට
උඩ ගෙඩි දෙන අය සුචරිත වාදෙට
අතීජාත අවජාතක යයි
වචන දෙකක් දෙති ශබ්ද කෝෂයට

1 comment:

  1. මොකක් කියන්නද කියලා හිතා ගන්න බෑ නේ හිත හිරි වැටුනා මේක කියවලා . . .. .

    ReplyDelete

Related Posts with Thumbnails Related Posts with Thumbnails